April 25, 2024

අර්බුදය ගැන සාකච්ඡාවට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

February 22, 2022

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතව ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ රටේ වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.

ඩොලර් අවුල උග්‍ර අතට

රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මේ වන විට ඉන්ධන සපයා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

පවතින මිල ගණන්වලට ඉන්ධන ලබා දීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.

තෙල් මිල ඉහලට?

මේ හේතුවෙන් වහාම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයට යෝජනා කර තිබෙනවා.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා මීට දින දෙකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළා. 

මේ අතර මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

ඉන්ධන හිඟයක්

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් ද අද දිනයේ රැස්වන විශේෂ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර රට තුළ මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇති වෙමින් පවතින බව සමගි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ, මෙම තත්ත්වයට ආණ්ඩුව සහ බලශක්ති අමාත්‍යවරයා වගකිව යුතු බවයි.

මේ අතර ඊයේ දිනයේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක දිගු පෝලිම් දක්නට ලැබුණා.

Rate this item
(1 Vote)