April 27, 2024

මිනියක් රැගෙන වෑන් රථයක් ඉන්ධන පෝලිමේ! ජනතාව අතර උණුසුම් තත්ත්වයක්

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ දිනවල සෑම ඉන්ධන හලකම දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඇතැම් ස්ථානවල පැය ගණනක් පුරා තමන්ගේ වාරය පැමිණෙන තුරු රැය පහන් කිරීමට පවා ජනතාව ට සිදුව තිබෙන අයුරු දැකගන්නට තිබෙනවා.

මේ අතර පෞද්ගලික මල්ශාලාවකට අයත් වෑන් රථයක් හදිසියේ ඉන්ධන ලබාගැනීමට පැමිණ තිබෙනවා.

ඒ හඟුරක්කෙත නගරයේ සමූපකාර ඉන්ධන පිරවුම් හලට.

කෙසේ වෙතත් එහිදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව අතර උණුසුම් තත්ත්වයක් හට ගැණුනා.

එම වෑන් රථය තුළ මිනී පෙට්ටියක් ද තිබු බවයි වාර්තා වන්නේ.

එහි රියදුරු පවසා සිටියේ, නිවැසියන්ට මළ සිරුර භාරදීමට යන අවස්ථාවේ දී ඉන්ධන අවසන් වීම හේතුවෙන් තමා දැඩි අසීරුතාවයකට පත්වු බවය.

“මරණය ගෙනියන්න යන්නේ. මිනිස්සු එක්ක මරාගන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය නිසා. එම්බාම් කරලා මරණේ ගෙදරට ගෙනියන්න ඕනේ. මිනිස්සුන් ට ඒ ප්‍රශ්න වැඩක් නෑ. මිනිස්සු කෑ ගහනවා. අපිට ඩීසල් හරි ප්‍රශ්නයක් වෙලා. මාව මරලා පෙට්ටියට දාන තත්ත්වයක් දැන් වෙලා තියෙන්නේ.” යැයි රියදුරු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)