May 07, 2024

"කැත වැඩ කරන්න එපා මිනිස්සු අතන පෝලිමේ" - පොලීසියට හැරවූ ගෑස් ලොරියට ජනතාවගෙන් දැඩි විරෝධයක් (VIDEO)

අහුංගල්ල ප්‍රදේශයේදී ගෑස් පෝලිමේ සිටි පුද්ගලයෙක් සහ පොලිසියේ නිලධාරීන් අතර උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

ඒ පොලිසියට හැර වූ ගෑස් ලොරියට විරෝධය පළ කරමිනුයි.

ඔහු එහිදී කියා සිටියේ පෙරේදා දිනයේදීද මෙලෙස ගෑස් නිකුත් කිරීමක් සිදු කල බවයි.

එහිදී ගෑස් නිකුත් කරන පුද්ගලයෙක් කියා සිටියේ ගෑස් 10ක් පමණක් නිකුත් කල බවයි.

ගෑස් අලෙවි නියෝජිතායතනයට ගෑස් ලොරිය රැගෙන යන ලෙස බල කරමින් එක් පුද්ගලයෙක් එහි බිම වාඩි වී සිය විරෝධය පළ කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)