May 02, 2024

ගෑස් තොග අවසන්! යළි ගෑස් හිඟයක්

ලිට්‍රෝ ගෑස් සමාගම සතු ගෑස් තොග අවසන් වී තිබෙනවා.

ඒ අනුව නැවත වරක් අද දිනයේ සිට වෙළදපොලේ ගෑස් හිගයක් මතුවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ගෑස් රැගත් නෞකාවකට අදාළ මුදල් ගෙවීමෙන් පසු ඉකුත් අගහරුවාදා එම නෞකාවේ තිබූ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,600 ක් ගොඩබානු ලැබුවා.

මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 1,100 ක් පමණ වන අතර ඒ අනුව එම ගෑස් තොගය ප්‍රමාණවත් වූයේ දින තුනකට පමණයි. 

දිවයිනට ආසන්නයට ගෑස් තොග රැගත් නෞකා දෙකක් පැමිණ තිබුණා.

එහෙත් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම නෞකාවලින් රැගෙන ආ ගෑස් තොග මෙතෙක් මෙරටට ලබාගැනීමට හැකියාව ලැබී නැහැ.

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 යන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් පෙරේදා දිනයේදී වෙළදපොලට මුදාහැර තිබුණා. 

ඊයේ දිනයේදී තවත් සිලින්ඩර් 95,000 ක් වෙළදපොලට නිකුත් කළ බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

ඒ අනුව අද දිනයේදී වාණිජ කටයුතු සදහා තොග වශයෙන් ගෑස් ලබාදීම සහ කර්මාන්ත සදහා කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර් පමණක් වෙළදපොලට මුදාහැරෙනු ඇති.

Rate this item
(0 votes)