May 12, 2024

ගෑස් දීම සීමා කරයි - ජනතාව තවමත් පෝලිම්වල (PHOTOS)

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් හැටන් කොටගල ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට අද (09) දින කිලෝ 37.5 සහ කිලෝ 8.5 ගෑස් සිලින්ඩර් සිමිති ප්‍රමාණයක් බෙදා හරින අයුරු ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුගේ සටහන් වුණා.

ගෑස් අලෙවි වෙලදසැල වෙත ගෑස් ලොරි රථය ළගා විමත් සමග කිලෝ 12.5 හිස් ගෑස් සිලින්ඩර් රැගෙන ගෑස් රැගෙන යාමට පාරිභෝගිකයන් පැමිණියද එම පාරිභෝගිකයන්ට නිකුත් කිරිම සදහා ගෑස් තොග සමාගම විසින් ලබා නොදුන් බවයි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා කියා සිටියේ.

මේ අතර පවතින ගෑස් හිගයත් සමග භුමිතෙල් ලබා ගැනිමට පාරිභෝගිකයන් හැටන් ප්‍රදේශයේ භුමිතෙල් අලෙවි කරන ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් වල රැදි සිටියා.

එම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලිටර් 5 පමණක් ලබාදිමට ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් පියවර ගෙන තිබුණා.

නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් හිගයක් පවතින අතර, හැටන් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ඩීසල් රැගෙන මුතුරාජවෙල සිට පැමිණි බවුසර් රථ දෙකක් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගාල් කර තිබෙන අයුරු ද අප කැමරාවේ සටහන් වුණා.

Rate this item
(0 votes)