April 28, 2024

ඊයේ හොඳට සිටී සාමාන්‍ය මන්ත්‍රී වීරවංශ අද අසනීප වෙයි: විශේෂ ප්‍රකාශයට බාලගිරි

දැන් සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්ව සිටින විමල් වීරවංශ මහතා කථානායකවරයාගේ අද (9) විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබුණා.

එහෙත් එවැනි විශේෂ ප්‍රකාශයක් අද (9) දවස පුරාවටම විරවංශ කෙරුනේ නැහැ.

හදිසි අසනීපය

ඊට හේතුව ලෙස දැනගන්නට ලැබෙන්නේ වීරවංශ මන්ත්‍රීවරයා හිටි හැටියේම අසනීප වීම.

ඊයේ (8) නම් වීරවංශ මන්ත්‍රීවරයාට රෝගී තත්ත්වයක් පෙන්නුම් කර නැහැ.

ඊයේ (8) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනපතිවරයා සමග කළ සාකච්ඡාවේන් පසුව විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර පාර්ශව සමග සාකච්ඡාවක් කර තිබෙනවා.

ඒ ටිරාන් අලස් මන්ත්‍රීවරයා ගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය තුළ.

සාකච්ඡාවට සහභාගි වීම

ඊට හිටපු ජනපති ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වී ඇති අතර අද (9)හිටි හැටියේම අසනීප වුණ වීරවංශ මහතාද එම සාකච්ඡාවේ සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කිරීමට බලාපොරොත්තු වූ විශේෂ ප්‍රකාශයට ජනපතිවරයා තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හා ඊට බලපෑ කරුණු අනාවරණය කිරිම ඇතුලත්ව තිබූ බවයි ප්‍රකාශ වන්නේ.

ජනපතිවරයා විසින් වීරවංශ මහතා සමඟ කැබිනට් ඇමති ධූරයෙන් ඉවත් කළ අනිත් ඇමතිවරයා වන උදය ගම්මන්පිල මහතා හෙට (10) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පසුගිය දිනවල මාධ්‍ය වල පළ වී තිබුණා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 09 March 2022 16:56