April 28, 2024

ඉන්ධන ගන්න විශේෂ බලපත්‍රයක් එයි! ප්‍රමුඛත්වය දෙන්නේ ඒ අයටයි (PHOTOS)

ඉන්ධන පිරවුම්හල්වලින් ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එම වැඩ පිළිවෙල අද(03) ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

නුවරඑළියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ 40කට පමණ මෙම විශේෂ බලපත්‍රයක් නිකුත් කරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සඳහන් කරන්නේ.

එළවළු සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

මෙම වැඩපිළිවෙලට සහාය දැක්වීමට නගරයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් දෙකේ හිමිකරුවන් එකඟවී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අතර නුවරඑළියෙ වගාවන් සඳහා ජලයේ ඉසීමට යොදාගන්නා යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමද ඩීසල් සහ භූමිතෙල් හිඟය නිසා බොහෝ දුරට නතරවී ඇතැයි වාර්තා වනවා.

ඒ සඳහා ඉන්ධන සපයා දීමටද තමා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවයි ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර නුවරඑළියේ එළවළු ප්‍රවාහනය ඉන්ධන හිඟය නිසා සියයට 70 කින් පමණ අඩපණවී ඇතැයි වාර්තා වනවා.

සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒෂියන් මිරර් වෙත පැවසූවේ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට දිවයින පුරා එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගාවට ජලය පොම්ප කිරිම සදහා අවශ්‍ය ඩිසල් හිගයකින් තොරව ලබාදිමට නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් එකගතාවය පල කර ඇති බවයි. 

ඒ මහතා කියා සිටියේ එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට ඉන්ධන නොමැති විම හමුවේ නුවරඑලියේ එලවළු වෙලදාම 60% කින් පහල වැටි තිබිමත්, නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගා භුමියට අවශ්‍ය ජලය ඉසිම සදහා ජල පොම්ප වලට අවශ්‍ය ඩිසල් නොමැති විම හමුවේ ගොවින් පිඩාවට පත් වි සිටිම සම්බන්ධයෙන් 28 වැනිදා මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කල බවයි.

එම අනාවරණයෙන් පසුව වගකිය යුතු නිලධාරින්ගේ මැදිහත් විමක් මත නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම අයිතිකරුවන් විසින් නිසි ක්‍රමවේදයක් යටතේ එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට වගාවට ජලය ඉසිම සදහා අවශ්‍ය ඩිසල් ලබාදිමට ඔහුන් එකගතාවය පල කල බවයි ඔහු කියා සිටියේ.

එම අවස්තාව අනිසි ලෙස භාවිතා නොකර තම අවශ්‍යතාවයට පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසත් ඒ සදහා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් නිර්දේශයක් එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට ලබාදිමට පියවර ගෙන ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2022 12:56