May 11, 2024

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක්: පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

දේශීය ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ධුරය සිසිර ජයකොඩි මහතා දැරුවද ඔහු රූකඩයක් සේ කටයුතු කරන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

සැබෑ ලෙසම දේශීය ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ සිසිර ජයකොඩි මහතාගේ පුද්ගලික ලේකම් කාංචන නැමැත්තෙකු බවයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පුද්ගලික ලේකම්

අමාත්‍යංශ නිලධාරීන් සමග පවත්වන සියලු සාකච්ඡා මෙහෙයවන්නේ හා තීරණ ගන්නේ අදාල පොද්ගලික ලේකම්වරයා විසින් බවයි එම ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

ඉංග්‍රීසි බස මනා හැසිරවිය හැකි ඔහු තීන්දු තීරණ ගනිද්දී රාජ්‍ය අමාත්‍යවරයා නිහඬවම බලා සිටින බවත් වාර්තා වනවා.

මේ වන විට පුද්ගලික ලේකම්වරයා විශේෂ කාරණා දෙකක් මත සිය අවධානය යොමු කර තිබෙනවා.

තීන්දු දෙක

ඉන් එකක් කංසා වගා කිරීම නීතිගත කිරීමයි.

දෙවැන්න දේශීය ආයුර්වේදය මගින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන රට පුරා ඇති කිරීමයි.

එය දේශීය ආයුර්වේද විෂයට අදාළ නොවන කරුණක් බවයි එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පෙන්වා දෙන්නේ.

සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාගේ මෙම මැදිහත්වීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැඩි හිසරදයක් වී තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 03 March 2022 04:27