May 02, 2024

ගම්මන්පිල කියන සති පහේ අපායේ ඉන්ටවල් එක

මේ මස අග සිට අප්‍රේල් මස අග දක්වා මෙරට ජනතාවට යම් සහන කාලයක් ලැබෙන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා අනාවැකියක් පළ කරනවා.

ඔහු එම කාලය හඳුන්වන්නේ අපායේ ඉන්ටවල් එක වගේ ලෙසටයි.

තෙල් සහනය

ඒ එම කාල සීමාව තුළ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය වන තෙල් ගෙන ඒම සම්බන්ධයෙන් සහනයක් ලැබීම හේතු කොටගෙන.

තෙල් ගෙන ඒමට මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් (රු.මිලියන 80,000) පමණ අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉන්දියානු ණය සහන ක්‍රමය යටතේ මේ මස අග සිට අප්‍රේල් මස අග දක්වා සති 5ක් සඳහා තෙල් ගෙන්වීමට හැකි බව ඔහු සඳහන් කරනවා.

ආහාර හා ඖෂධ

එපමනක් නොව අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිල ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ඉන්දියානු ණය සහන ක්‍රමය යටතේ ලැබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඇමැතිවරයා සඳහන් කරන ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ගන්නා තෙල් සහ භාණ්ඩ සියල්ලම ගත යුත්තේ ඉන්දියාවෙන්මයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2022 04:27