May 05, 2024

සිසිර ජයකොඩි පුද්ගලික ලේකම් කාංචනගේ තවත් කැටයමක්

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ පුද්ගලික ලේකම්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව මීට පෙරත් ඒෂියන් මිරර් තොරතුරු වාර්තා කළා.

ඒ ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා වන කාංචන නැමැත්තා ඇමතිවරයාගේ බලතල අතට ගෙන කටයුතු කරන බවටත් මේ හේතුව නිසා ජයකොඩි මහතා රූකඩයෙකු ලෙස කටයුතු කරන බවටයි.

උදෑසන කාර්ය භාරය

මේ කාංචන නැමැත්තා සිය බලය ඉක්මවා කටයුතු. කිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා වනවා.

කාංචන නැමැත්තා සේවයට වාර්තා කළ යුත්තේ කොළඹ ටෙක්නිකල් හන්දියේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයටයි.

එහෙත් ඔහු යෑමට පෙර සෑම දිනකම උදෑසන නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොමසාරිස්ට උපදෙස්

එහි පැමිණෙන කාංචන නැමැත්තා ආයුර්වේද කොමසාරිස්වරයාට උපදෙස් මාලාවක් ලබා දෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එය කොමසාරිස්වරයාට මෙන්ම එහි සේවය කරන කාර්ය මණ්ඩලයටද මහත් හිසරදයක් වී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

ඉංග්‍රීසි බස හැසිරවීම පිළිබඳ හැකියාවක් ඇති කාංචන නැමැත්තා සිසිර ජයකොඩි මහතා සහභාගී වන රැස්වීම්වලදී පවා ඔහු අභිබවා තීන්දු තීරණ ගන්නා තීරක බලවේගය බවට පත්ව තිබෙනවා.

Rate this item
(2 votes)