May 04, 2024

රනිල් ගැන සැකය වැඩි වෙයි: විපක්ෂයේ සියලු පක්ෂ රැස්වීමට පොල්ල තියයි

February 21, 2022

මීට සති කිහිපයකට පෙර විපක්ෂයේ සියලු සියලු දේශපාලන පක්ෂ නායකයන් කොළඹ හෝටලයකදී ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා.

ඒ කොළඹ සිනමන් ලේක් හෝටලයේ කාමරයක් තුල දොරගුළුලාගෙන.

දෙවැනි සාකච්ඡාව

විපක්ෂයේ මෙම සාකච්ඡාව සංවිධානය කළේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතායි.

එම සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාවද ඔහු මීට දින කිහිපයකට පෙර පැවැත්වුවා.

දෙවැනි සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කළේ රට මුහුණදී තිබෙන විදෙස් සංචිත හිඟය කළමනාකරණය කර ගැනීම පිළිබඳවයි.

සියලු පාර්ශවයන්හි එකඟතාව

ඒ සඳහා ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා හතරකටද , ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තැබීමටත් සියලු දෙනා එකඟ වුණා.

එහෙත් එම සාකච්ඡාවේ විශේෂ අඩුපාඩුවක් දක්නට ලැබුණා.

ඒ පළමු සාකච්ඡාවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි සාකච්ඡාව මග හැරීමයි.

වික්‍රමසිංහ මහතාගේ නොපැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡාව සංවිධානය කල සුමන්දිරන් මහතා මහතා විමසීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

දුන් පිළිතුර

තමාට විශේෂ හේතුවක් නිසා එම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි බව එහිදී වික්‍රමසිංහ මහතා සුමන්දිරන් මහතා අමතා සඳහන් කර තිබෙනවා.

ඒ හේතුව කුමක් දැයි සඳහන් කර නැහැ.

එක්සත් ජාතික පක්ෂ නායකයා වත්මන් රාජපක්ෂ පාලනය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට බොහෝ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වනවා.

ඒ හැරුණුකොට වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.පයේ ඇතමුන් ආණ්ඩුව සමග ඩීල් දේශපාලනයක නියැලෙන බවට රාවයන්ද දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබෙනවා.

පළමු රැස්වීම

පළමු රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූ අතර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හරිනි අමරසූරිය මන්ත්‍රීවරියද සහභාගි වී තිබුණා.

ප්‍රේමදාස හා වික්‍රමසිංහ යන මහත්වරුන් බොහෝ කලකට පසු පාර්ලිමේන්තුවෙන් පිටත මුණ ගැසුණේ ඒ අවස්ථාවේ.

ඒ හැර රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ නායකයින්ද රැස්වීමට සහභාගි වූවන් අතර සිටියා.

Rate this item
(6 votes)
Last modified on Monday, 21 February 2022 16:35