ආණ්ඩුවට මේ දිනවල ලොකුම හිසරදයක් වී තිබෙන්නේ කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් බව රහසක් නොවේ.
ඒ උන්වහන්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සැබෑ අය නීතිය හමුවට පැමිණවන ලෙස දේශීය පමණක් නොව ජාත්‍යන්තරය හරහා කරන බලපෑම නිසා.
අගරදගුරු පදවිය
ඒ අතරතුර කාදිනල් තුමන් සම්බන්ධයෙන් ආණ්ඩුවට සතුටු විය හැකි කරුණක්ද හෙළිදරව් වී තිබෙනවා.
අගරදගුරු පදවිය දරන පියතුමකු වසර 75ක පිරුණු පසු විශ්‍රාම යෑම සාමාන්‍ය සම්ප්‍රදාය බවටයි තොරතුරු හෙළිදරව් වන්නේ.
එළඹෙන නොවැම්බර් මස 15දා උන් වහන්සේ 75 වියට පා තැබීමට නියමිතයි.
කාදිනල් ධූරය
එහෙත් ඒ සමගම ආණ්ඩුවට සතුටු විය නොහැකි කරුණක්ද තිබෙනවා.
ඒ වතිකානුව මගින් පිරිනමන කාදිනල් ධූරය වයස අවුරුදු 80 පිරෙන තෙක් දැරීමට හැකි කමයි.
එළඹෙන නොවැම්බර් මාසයේ මැල්කම් රංජිත් හිමිපාණන් අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගියද එතැන් සිට තවත් වසර 5ක් උන්වහන්සේට කාදිනල් ධුරයේ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා.