May 18, 2024

මාතර - හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ජිනරතන නා හිමියන්ට

February 21, 2022

මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මහා නායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, මල්වතු මහනායක හිමිපාණන් මහා නායක හිමිපාණන් වහන්සේගේ පින්බර දෑතින් "ප්‍රවචන කීර්ති ශ්‍රී චන්දරතන" යන ගෞරව නාමය සහිතව මල්වතු මහා විහාර පාර්ශ්වයේ, ගිරුවාපත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය "පාලටුවේ ජිනරතන" නායක මාහිමිපාණන් වහන්සේ වෙත පසුගියදා මහනුවර මල්වතු මහා විහාරීය උපොෂත පුෂ්පාරාම, මංගල උපොෂතාගාරයේදී පිරිනමන්නට යෙදුණා.

පසුගිය ජනවාරි මස 28 වන දින එම අවස්ථාවට මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ අතිගරු මහා නායක හිමිවරුන් ප්‍රමුඛ ප්‍රභූ පිරිසක් සහභාගී වුණා.

"ප්‍රවචන කීර්ති ශ්‍රී චන්දරතන ජිනරතනාභිධාන" නායක හිමියන් මාතර පාලටුවේ එළඹකලාගොඩ ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරය විහාරයේ විහාරාධිපති ලෙසත් , කොළඹ 2 දෙක හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව මගින් පාලනය වන ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති ලෙසත් ඉමහත් ශාසනික හා ජාතික සේවාවන්හි කාලයක් පුරා නිරතවන ජිනරතන නායක හිමියන් ඇමරිකාව ප්‍රමුඛ විදෙස් රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල ද නිරත වූ ධර්මධර හිමිනමක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 17:56