May 18, 2024

එංගලන්තයෙන් ලංකාවට ගෙනා කුණු ගැන ගත්ත තීරණය

February 21, 2022

එංගලන්තයේ සිට මෙරටට රැගෙනවිත් තිබූ සායනික අපද්‍රව්‍ය තොගයේ අවසන් කොටස ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි.

එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ සායනික අපද්‍රව්‍ය ඇතුළත් කසළ බහලුම් 242ක් කටුනායක නිදහස් වෙළද කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ පසුගිය 2019 වසරේදීයි.

අවස්ථා කිහිපයකදී එම බහලුම් යළි එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබුණා.

සායනික අපද්‍රව්‍ය සහිත අදාළ බහාලුම් තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ 2019 වසරේදී.

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහලුම් අවසන් බහලුම් තොගය අද (21) ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ බහාලුම් 45ක් කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ දී නැව්ගත කරන බවයි.

"බහාලුම් 263ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධව 2017, 2018, 2019 වසර වලදී මේ ආනයනය සිදු වෙලා තියෙන්නේ. අද වන විට වැඩිපුර ප්‍රමාණයක් මෙම කසල බහාලුම් වලින් නැවත එක්සත් රාජධානිය වෙත යවලා තියෙනවා. අද දින විශේෂ වන්නේ 263ක් වන කසල කන්ටේනර් වලින් 45ක් අවසාන 45 අද දින රාත්‍රියේ එක්සත් රාජධානිය බලා පිටත් කරන කටයුතු සුදානම් කරලා තියෙනවා. මෙහිදී ශ්‍රී ලංකා රේගුව සමඟ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය එකට එක්‌ වෙලා අපිට ලොකු සහයෝගයක් ලැබුණා."

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 17:30