May 07, 2024

තෙල් ටැංකි ගැන ඇමති කියන්නේ බොරු: ආණ්ඩුවට හිතැති හිමියන් ත්‍රිකුණාමලයටම ගොස් කියයි

February 18, 2022

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සෑහෙන වෙහෙසක් ගත් හිමිනමක්.

උන් වහන්සේ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමගද ඉතා කිට්ටුවෙන් වැඩ කළ බව ප්‍රකට කරුණක්.

වැඩපිළිවෙළ ගැන අප්‍රසාදය

එහෙත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් ඉන්දියාවට ලබා දීමට ගම්මන්පිල අමාත්‍යවරයා කටයුතු කළ ආකාරය පිළිබදව උන්වහන්සේ තුළ තිබෙන්නේ අප්‍රසාදයක්.

ඒ අප්‍රසාදය උන්වහන්සේ ත්‍රිකුණාමලයටම ගොස් ප්‍රකාශ කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

"ඉන්දියාවට විකුණන ත්‍රිකුණාමලයේ ජාතික සම්පත සුරකින විද්වත් කතිකාව" මැයෙන් මීට දින කිහිපයකට පෙර සම්මන්ත්‍රණයක් ත්‍රිකුණාමලයේදීම පැවැත්වුණා.

ව්‍යාජ ප්‍රකාශය

එය සංවිධානය කර තිබුණේ ත්‍රිකුණාමලය බහුජන සංවිධාන එකමුතුව විසින්.

මැදගොඩ අභයතිස්ස හිමියන් එම සම්මන්ත්‍රණය අමතමින් ගම්මන්පිල අමාත්‍යවරයා කරන බොරුව හෙළිදරව් කළා.

ඉන්දියාවට අයිතිව තිබූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවතත් ලංකාවට ලබාගත් බවට බලශක්ති අමාත්‍යවරයා කරන ප්‍රකාශය බොරුවක් බව උන් වහන්සේ එහිදී ප්‍රකාශ කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

උන් වහන්සේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ බොරුව හෙළිදරව් කර තිබෙන්නේ ඊට අදාළ කරුණු කාරණා සමඟයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 February 2022 03:34