April 28, 2024

රටට මහා හානියක්ලු! සමාජ ජාල මෙල්ල කරන්නත් අලුත් නීති එන ලකුණු!

February 10, 2022

සමාජ මාධ්‍ය වහාම නියාමනය කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ සඳහා නව නීති ගෙන ආ යුතු බව යි ඔහු අවධාරණය කරන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමින්.

සමාජ මාධ්‍ය මගින් විශාල ව්‍යසනයක්වන බව ඔහු පෙන්වා දෙනවා.

එම ව්‍යසනය සංස්කෘතික, ජාතික හා සාමාජීය වශයෙන් සිදුවන බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙම ව්‍යසනය පිළිබඳ මීට වඩා සැළකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තහනම් කළ යුතු යැයි තමන් නොපවසන බව ද පැහැදිළි කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඒවා නියාමනය කිරීමට වැඩපිළිවෙලක් දියත්කළ යුතු කාලය පැමිණ ඇති බව යි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ද සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙවැනිම ප්‍රකාශයක් සිදු කළ අතර එහි දී ඔහු සඳහන් කළේ සමාජ ජාලා තහනම් කළ යුතු බවයි.

එය කළ නොහැකි නම් එය නිසි ලෙස නියාමනය කළ යුතු බව ඔහු එදින ද පැවසූ අතර ඔහු එවකට අවධාරණය කළේ මෙරට සිදුවන ළමා අපචාරවලට 90%ක ප්‍රතිශතයක් වගකිව යුත්තේ සමාජ මාධ්‍ය බව යි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 February 2022 13:33