May 02, 2024

ඇමැති - රාජ්‍ය ඇමැති ගැටුම දුරදිග යයි! වෙන අමාත්‍යාංශයක් ඉල්ලයි

රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සිය රාජ්‍ය අමාත්‍යාංශය වෙනත් කැබිනට් අමාත්‍යාංශයක් යටතට පත් කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කඩිනමින් කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර විදේශ අමාත්‍යාංශය යටතට පත් කරන ලෙසයි

මෙතෙක් එම රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වූයේ කම්කරු අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙසයි.

නිමල් එක්ක බෑ

පසුගිය කාලය තිස්සේම කම්කරු අමාත්‍යාංශයේ ඉහළම බලධාරියෙක් සහ රාජ්‍ය අමාත්‍යංශය අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණු බව වාර්තා වුණා.

මේ හේතුවෙන් තම අමාත්‍යාංශය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ නොකරන ලෙසත් විදේශ අමාත්‍යාංශයට අනුබද්ධ කරන ලෙසත් ජයරත්න මහතා විසින් ඉල්ලීම් කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items