May 02, 2024

සමාජ මාධ්‍ය තහනම් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට

මෙරට සිදුවන ළමා අපචාර සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය 90%ක් වගකිව යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (04) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

මෙම සමාජ මාධ්‍ය මර්දනය කිරීමට හෝ නියාමනය කිරීමට කිසිදු නීතියක් මෙරට නොමැති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “මම හැම වේලාවේම කැබිනට් මණ්ඩලය තුළත් කියනවා, චීනයේ සමාජ ජාලා නැහැ, අපේ එහෙම නෙමෙයි, අපි ස්තාලය ඇරලා ඉවර වෙලා අපි ඊට පස්සේ අස්සයා අල්ලගන්න යනවා..” යනුවෙනි. 

මෙම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන නිමල් සිරිපාල අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ මෙයට එරෙහිව හඬක් නැගිය යුතු බවත් මෙම සමාජ ජාලා තහනම් කළ යුතු බවත් නැතිනම් නිසි ලෙස නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඇති කළ යුතු බවයි. 

එසේ නොකළහොත් මෙරට තුළ සිදුවන ළමා අපචාර වැනි ක්‍රියාවන් නැවැත්විය නොහැකි බවද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සේවකයන්ගේ ජාතික අවම වේතනය පිළිබඳව සංශෝධන සහිත පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

Rate this item
(0 votes)

Related items