May 02, 2024

ඉන්දියාවේ සේවය කරන ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන සේ පනත් සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

මෙහිදී ඉන්දියාව තුළ සේවය කරන ශ්‍රී ලාංකිකයන් එරට කම්කරු නීතිය අනුව ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට අනිවාර්යෙන් දායකත්වය ලබාදිය යුතු වන අතර සේවය නිමවා නැවත මෙරටට ආපසුව අදාළ මුදල් ලබාගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පුර්ණ වනතුරු සිටිය යුතුයි.

නමුත් ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දියානුවන්ට මෙම ක්‍රමවේදය අදාළ නොවන අතර ඔවුන් සේවය නිමවා නැවත ඉන්දියාවට යන අවස්ථාවේ දී වයස් ගැටලුවකින් තොරව සිය මුදල් ලබාගැනීමට හැකියාව පවතිනවා.

එබැවින් ශ්‍රී ලාංකිකයන්ටත් එම අවස්ථාව උදාකර දීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පසුගිය 04 වැනිදා රැස්වුණු කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් මෙම නව තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 October 2021 10:36