May 02, 2024

විදෙස් ශ්‍රමිකයන් රටට ගෙන්වන සැලැස්ම ඇමති පාර්ලිමේන්තුවට කියයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මව් බිමට පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රකාශ කළා.

ඒ සමගි ජන බලවේග මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ගෝලීය වසංගතයේ බලපෑම

මෙරටට පැමිණීමට ඉල්ලීම් කර තිබෙන විදේශ ශ්‍රමිකයන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කොට ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එම ශ්‍රමිකයන් සිටිනා තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර වැඩි අවදානමක සිටින පිරිස් පිලිබද ලැයිස්තුවක් ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා සකස් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

කොවිඩ් නිවාරණ විශේෂ කාර්ය සාධන බලකාය , සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එම ඒකාබද්ධ යාන්ත්‍රණයට අයත් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අවශ්‍ය මැදිහත්වීම කිරීම

ආර්ථික අපහසුතා මැද විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙරටට යළි පැමිණීමේදී ඒ සඳහා අවශ්‍යය වියදම් ජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතන හරහා ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණය විදෙස් සේවා නියුක්ති කාර්යාංශය විසින් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේද රජයේ විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව ගෙන ගිය බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.

එමෙන්ම එම ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී අවශ්‍ය ගුවන් ටිකට් පත ලබාදීම සඳහා කම්කරු අමාත්‍යංශයේ හෝ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

බාධාවකින් තොරව පැමිණීමට ඉඩ කඩ

එහෙත් බාධාවකින් තොරව විදේශ ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා එම ගුවන් සමාගම් සමග කම්කරු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ වී කටයුතු කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

එහෙත් රෝහල් වල තිබෙන ධාරිතාව ඉක්මවා යෑම මත රටට පැමිණෙන විදේශිකයන් නිරෝධායනය කිරීමේ වගකීම කොවිඩ් නිවාරණ විශේෂ කාර්ය සාධන බලකාය විසින් භාරගත් බවයි අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

එම ස්ථානවල නිරෝධායනය වීමට අකමැති විශ්‍රාමිකයන් සඳහා මුදල් ගෙවා නිරෝධායනය විය හැකි ස්ථානද ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 12:32