April 28, 2024

සල්ගාදු ක්‍රීඩාංගනයට ලොකු ඉල්ලුමක්: ජන බලය පෙන්වීමට සජිත් පිලත් එතනට

February 10, 2022

අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයට දැන් තිබෙන්නේ ලොකු ඉල්ලුමක්.

ඒ ඊයේ (9) ආණ්ඩු කරණ පොදු ජන පෙරමුණ රැලියක් පැවැත් වීමත් සමඟ.

පලමු ජන රැළිය

එම රැලිය පොදු ජන පෙරමුණ මහ මැතිවරණයෙන් පසු පැවැත් වූ පළමු රැළියයි.

ලබන මස (මාර්තු) එම ක්‍රීඩාංගනයේම මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගයද තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ජන බලය තිබෙන්නේ කාටදැයි පෙන්වීමට.

අගමැතිට අභියෝගයක්

මේ බැව් හෙළිදරව් කරන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතායි.

ඒ බැව් හෙළිදරව් කරමින් මන්ත්‍රීවරයා අගමැතිවරයා කළ අභියෝගයකටද ප්‍රතිචාර දැක්වූවා.

ඒ මහ පාරත් ඔට්ටු, වැල්ලත් ඔට්ටු, පාද යාත්‍රා කළ තමන්ට මැතිවරණයක් තැබීම ප්‍රශ්නයක් නොවන බව අගමැතිවරයා කළ ප්‍රකාශයට.

හැකිනම් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ඊට ප්‍රතිචාර දක්වමින් මරික්කාර් මන්ත්‍රීවරයා අගමැතිවරයාට පිළිතුරු ලබා දුන්නා.

2019 පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වූ රැලිය හා ඊයේ (9) පැවැත්වූ රැලිය සංසන්දනය කරන ලෙසටයි මන්ත්‍රීවරයා ආණ්ඩුවට මතක් කිරීමක් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 February 2022 19:42