April 27, 2024

රනිල්, රවීට දුන් බෙහෙතම නවීන්ටත් දෙයි: ලෙඩ දෙකම සුද්දයි

February 10, 2022

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු සෙල්ලම පටන් අරගෙන.

ඒ පක්ෂය තුළ තමන්ට අවනත නොවන පුද්ගලයින් කපා ඉවත් කිරීමයි.

ප්‍රථම කැපිල්ල

රවී කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන හිටපු ඇමතිවරු තුන් කට්ටුව මහා මැතිවරණ පරාජයෙන් පසු වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව කැරැල්ලක් දියත් කළා.

එහෙත් ටික කලක් යත්ම අර්ජුන රණතුංග මහතා පක්ෂයෙන් ඉවත්ව ගිය අතර ඉතිරි වුයේ කරුණානායක හා දිසානායක යන මහත්වරුන් පමණයි.

ඒ දෙදෙනාගෙන් ප්‍රථමයෙන්ම කරුණානායක මහතා වික්‍රමසිංහ මහතාගේ කැපිල්ලට ලක් වුණා.

උප නායක ධූරය

කරුණානායක මහතාද තමා කලින් දරු උප නායක ධුරය ප්‍රතික්ෂේප කරමින් පක්ෂ මහ ලේකම් ධූරය ඉල්ලා සිටියා.

එහෙත් පක්ෂ නායකයා එය ඔහුට ලබා දුන් නැති අතර පුරප්පාඩු වූ උප නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් මහතාව පත් කළා.

හිටපු මහ ලේකම් වරයෙකුවුද කාරියවසම් මහතා වික්‍රමසිංහ මහතාට ඉතා සමීප කෙනෙක්.

ජාතික සංවිධායක

පක්ෂ නායකයාගේ එම දඩයමේ අලුත්ම ගොදුර බවට පත් වූයේ නවීන් දිසානායක මහතායි.

ඔහු පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා වන අතර මෙවර ඔහු එම ධුරය භාර ගත්තේ නැහැ.

එම ධුරය සඳහා වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතාව පත් කළා.

තනතුරු දෙකක්

ඒ රත්නායක මහතා මේ වන විටත් දරන පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධුරයට අමතරව.

එම ධූරයේ වැඩ කටයුතු කිරීම සඳහා වික්‍රමසිංහ මහතා මේ වන විට පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ කාර්යාලයක්ද රත්නායක මහතාට ලබාදී අවසන්.

රත්නායක මහතා වික්‍රමසිංහ මහතාට වඩාත්ම සමීප පුද්ගලයා ලෙසටයි පක්ෂයකට සම්බන්ධ අය හඳුන්වන්නේ.

නිකම්ම නිකම් සාමාජිකයින්

වික්‍රමසිංහ මහතාගේ මෙම පත් කිරීම් නිසා කරුණානායක හා දිසානායක යන මහත්වරුන් නිකම්ම නිකම් එජාප සාමාජිකයින් බවට පත්ව සිටින අතර ඔවුන්ට ලබාදීමට පක්ෂයේ කිසිදු තනතුරු පුරප්පාඩුවකුත් නැහැ.

ඔවුන් දෙපළ මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය පමණක් දරනවා.

රත්නායක මහතාගේ පත් කිරීමත් සමග එ.ජා.පයේ සියලු ප්‍රධාන තනතුරු පුරවා අවසන් වුණා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 February 2022 11:48