April 26, 2024

මන්ත්‍රී තිස්ස කුට්ටිගෙන් තවත් පිම්මක් : නව සංවිධානයක්

නව වසරේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ද නව සංවිධානයත් බිහි කර තිබෙනවා.

එම සංවිධානයේ නම "පසු පෙළින් අපේ හඬ".

මූලිකත්වය මතභේදාත්මක මන්ත්‍රීට

එහි මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මතභේදාත්මක මන්ත්‍රීවරයෙකු වන තිස්ස කුට්ටිආරච්චි මහතායි.

එම සංවිධානය පිහිටුවීම සඳහා තිස්ස කුට්ටිආරච්චි මහතා සුමිත් උඩුකුඹුර , මිලාන් ජයතිලක යන පසු පෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වගකීම තමන්ටත් තිබෙන බැවින් ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් නිවැරදි වැඩ පිළිවෙළක් දියත් කිරීම සඳහා මෙවැනි සංවිධානයක් අවශ්‍ය බවයි.

සංවිධානයේ ප්‍රථම මාධ්‍ය හමුව

ඒ අනුව එම සංවිධානයේ තීරණයකට එළඹ තිබෙන්නේ ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය කරන ඇමැතිවරු ඇතුළු නිලධාරීන්ට විරුද්ධව හඬ නැගීමටයි.

මේ වන විට එම සංවිධානය සංවිධානය සිය ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වූ අතර එහිදී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම් ජයන්ත් හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක් කළා.

මෙම සංවිධානයේ සිටින මන්ත්‍රීවරු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඉතා සමීප අය බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Monday, 10 January 2022 10:31