April 19, 2024

අපේ පවුල ගෙවන්නේත් දුක්බර ජීවිතයක්: මන්ත්‍රී තිස්ස කුට්ටිගෙන් අඳෝනාවක්

පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මතභේදාත්මක ප්‍රකාශ කරන මන්ත්‍රීවරයෙක්.

ඔහු මෑතකදී කළ ප්‍රකාශයකින් තමන් හා තම පවුල මුහුණ දෙන දුෂ්කරතා පිළිබදවත් හෙළි කොට තිබෙනවා.

සුඛෝපභෝගී රථ

තමන් වාහන වලට තෙල් ගහ ගන්නේ පෝලිමේ සිට බවයි කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඔහු සතුව අති සුඛෝපභෝගී රථ දෙකක් තිබෙන බව ප්‍රකට කරුණක්.

ඉන් එකක් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සතුව V 8 වර්ගයේ අති සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථය.

පෝලිමේ තෙල් ගැහිල්ල

අනික ඔහු ඔහුගේ බිරිඳට පසුගිය උපන් දිනයට තෑගි කළ අති සුඛෝපභෝගී BMW මෝටර් රථය.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියන ආකාරයට මේ අති සුඛෝපභෝගී වාහන දෙකට තෙල් ගහන්නේ පෝලිමේ ඉඳලා.

ජනතාවට දරාගැනීමට නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති බඩු මිල සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පළ කරනවා.

නිවසේ මාතෘකාව

බඩු මිල ගැන තමන්ගේ නිවසේ කතා වෙන බවත් පොළට ගිය විට එය දැනෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

පොදු ජනතාවට විදුලියේ කපන විට තමන්ගේ නිවසේද විදුලිය කැපෙන බවත් ඔහු සඳහන් කරන්නේ තමන් සිටින්නේත් ඒ අඳුරේම බව පෙන්වා දෙමින්.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන් සහ තම පවුල මුහුණ දෙන මෙම දුක්ඛදායී තත්ත්වය පිළිබඳව තොරතුරු හෙළිදරව් කළේ මාධ්‍ය හමුවක් අමතමින්.

Rate this item
(2 votes)
Last modified on Thursday, 24 March 2022 14:20