April 20, 2024

මන්ත්‍රීවරු 225යේම වැටුප ඉල්ලූ තිස්ස කුට්ටිට මුජිබර්ගෙන් සැර කතාවක්

December 27, 2021

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරචි මහතා තම මාස 6ක පඩිය ලබා දෙන්නේ මුදල් අමාත්‍යංශයෙන් ඒ මහතාට ලබා දී ඇති V 8 රථයට හිලව් වීමට බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ආණ්ඩුව වංචා දුෂණ වලින් මේ රටේ භාණ්ඩාගාරයට අහිමි කල මුදල් ටික එකතු කර ගන්න වැඩපිළිවෙලක් හදන්න යැයිද ඒ මහතා සඳහන් කළා. 

ඒ මහතා මෙලෙස අදහස් පළ කලේ පසුගියදා පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද වැඩිදුරටත් අදහස් දක්වා සිටියා,

"තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා කියලා තියෙනවා මාස 6ක පඩිය එතුමා ලබා දෙනවා කියලා. මම හිතන්නේ එතුමාට මුදල් අමාත්‍යංශයෙන් V 8 එකක් ලබා දීලා තියෙනවද කොහෙද බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ V 8 එකට හරි යන්න හිලව් කරන්න එතුමා පඩිය දෙනවද කියන එක තමයි මට තියෙන ගැටලුව. ඒ විතරක් නෙවෙයි එතුමාගෙන් අපි අහන්න කැමතියි මේ මන්ත්‍රීවරුන්ගේ පඩිය ආණ්ඩුව ඉල්ලනවා සිනි වංචාව රුපියල් මිලියන 15,000ක් වුණා, මුදල් අමාත්‍යංශය පිළිගත්තා. ආණ්ඩුවට ලැබෙන්න ඕනේ රුපියල් මිලියන 15,000 අහිමි වුණායි කියලා. දැන් ඇයි ඒක නැවත ආණ්ඩුවට ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඇයි ජනාධිපතිතුමාගේ හිතවතුන් නිසාද? කෝටි 100කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් අහිමි වුණා නැනෝ නයිට්‍රජන් ගෙන්නන්න ගිහිල්ලා වංචාවක් සිද්ධ වුණා. දැන් ඒ මුදල් ටික අය කර ගන්නේ නැත්තේ ඇයි? ඊළඟට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිතුමා කිව්වා එතුමා වැඩ භාර අරගෙන රුපියල් කෝටි 1000ක වංචාවක් වෙලා තියෙනවා කියලා ලිට්‍රෝ ගෑස් සමාගමේ. කවුද ඒ වංචාව කළේ? සතොසේ රුපියල් බිලියන 250ක වංචාවක් වුණා සුදු ලුණු. පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ගිහිල්ලා පැමිණිල්ලකුත් දැම්මා. දැන් හෙළිදරව් වෙලා තියෙනවා පැන්ඩෝරා ගණුදෙණු ආණ්ඩුවේ ඉන්න නායකයන්ගේ නෑදෑයන්ගේ ගණුදෙණු පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළිදරව් වෙලා තියෙනවා. ජනාධිපතිතුමා කමිටුවකුත් පත් කළා මේක ගැන හොයලා බලන්න කියලා. දැන් මාස දෙක තුනක් වෙනවා අපි අහනවා කෝ ඒ කමිටු වාර්තාව කියලා. විශේෂයෙන්ම ඊයේ පෙරේදා චීනයෙන් අසූචි පොහොර ගෙනල්ලා ඩොලර් මිලියන 6.7ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 1.3ක් අපේ රටේ භාණ්ඩාගාරයේ මුදල් පොහොර නැතුව අපි චීනයට ගෙවලා තියෙනවා. මේ මුදල් ටික එකතු කළා නම් තිස්ස කුට්ටිආරච්චිට මුදල් දෙන්න ඕනේ නැහැ. තිස්ස කුට්ටිආරච්චිට අපි කියනවා ගොන් කතා කරන්නේ නැතුව තමුන්නාන්සේගේ ආණ්ඩුව කරපු වංචා දුෂණ වලින් මේ රටේ භාණ්ඩාගාරයට අහිමි වෙච්ච මුදල් ටික එකතු කර ගන්න වැඩපිළිවෙලක් හදන්න"

සබැඳි පුවත් : මන්ත්‍රීවරු 225ටම තිස්ස කුට්ටිගෙන් උපදෙසක් - ආර්ථික අර්බුධයට විසඳුමත් කියයි

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 20:04