May 06, 2024

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

කිත්සිරි කහටපිටිය මහතා කලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළා.

කිත්සිරි කහටපිටිය මහතා මියයනවිට 60 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ද වනවා.

Rate this item
(1 Vote)