May 05, 2024

ඇමතිකම් වෙනස් කළාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ : ගම්මන්පිලගෙන් පොඩි සද්දයක් Featured

කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව කසු කුසුවක් තිබෙනවා.

එහිදී ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන හා කැබිනට් මණ්ඩල තීරණ වලට එරෙහිව අධිකරණය හමුවට ගොස් ඇති ඇමතිවරුන් තිදෙනා වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන ඇමතිවරුන්ගේ ඇමතිධූර සංශෝධනය වනු ඇති බවටත් වාර්තා වනවා.

කැබිනට් සංශෝධනය ගැන විවිධ මත

තමන් එවැනි කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන දන්නේ නැති බවයි වීරවංශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

එහෙත් ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ වෙනත් කතාවක්.

අමාත්‍යධුර වෙනස් කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා තමා කොහෙදිවත් ප්‍රකාශ කොට නොමැති බවයි ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ධර්මයෙන්ම පිළිතුරු

ඒ වගේම තමා තමාගේ අමාත්‍යධූරය වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර නැති බවත් ගම්මන්පිල මහතා හෙළිදරව් කරනවා.

සියලු සත්වයෝ අනිත්‍ය බැවින් ඇමැති ධූරද අනිත්‍ය බව මතක් කිරීමටත් අමාත්‍යවරයා අමතක කර නැහැ.

කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය අමතා මේ අදහස් පළ කළේ හංවැල්ල සංවර්ධන කමිටු සභා රැස් වීමෙන් අනතුරුවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 January 2022 10:20