May 03, 2024

සුසිල් ආණ්ඩුවට ඇඬෙන්නම දෙයි : කොහොමද නවක මන්ත්‍රීට බුද්ධි වාර්තාවක් ගියේ

තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කර තිබෙන ප්‍රකාශය ඉතා බරපතළ එකක් බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දෙනවා.

ප්‍රේම්ජයන්ත් මහතා මේ බව පෙන්වා දෙන්නේ තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ බුද්ධි අංශ වාර්තා මත බවට කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පදනම් කරගෙන.

බුද්ධි අංශ වාර්තාව

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැනි කෙනෙකුට බුද්ධි අංශ වාර්තාවක් ගියේ කෙසේදැයි ප්‍රේම් ජයන්ත් මහතා ප්‍රශ්න කරනවා.

මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානීන් මෙන්ම රජයේ ප්‍රධානීන් ද අවධානය යොමු කළ යුතු බවයි ප්‍රේම් ජයන්ත් මහතා අවධාරණය කරන්නේ.

බුද්ධි අංශ තොරතුරු ප්‍රථමයෙන් බුද්ධි අංශ ප්‍රධානීන්ට යා යුතු බවත් එතනින් එය රජයේ ඉහළ ප්‍රධානීන්ට යා යුතු බවත් අවශ්‍ය නම් එතනින් තොරතුරු ආරක්ෂක මණ්ඩලයටත් යැවීම නිසි ක්‍රමවේදය බව ප්‍රේම් ජයන්ත් මහතා පෙන්වා දෙනවා.

නවක මන්ත්‍රී

එහෙත් පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආ ස්ථාවර නියෝග ගැන , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන , රටේ දේශපාලනය ගැන මෙන්ම තමන්ගේ දේශපාලන ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරයෙකුට මෙසේ බුද්ධි අංශ තොරතුරක් යෑම සිදු නොවිය යුතු දෙයක් බව ප්‍රේම් ජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙම ප්‍රශ්න කිරීම කළේ යළිත් නීතිඥ වෘත්තියේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු අධිකරණය අසලට පැමිණ සිටි මාධ්‍ය අමතායි.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ඔහු දෙල්කඳ පොළේ දී කළ ප්‍රකාශය මත පමණක්ම පදනම්ව නොව බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තාවකට අනුව බවයි කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් හෙළිදරව් කළේ.

ජනපතිවරයා මීට ටික දිනකට පෙර සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 09:34

Related items