May 04, 2024

සුසිල් රෝද තුනෙන් ගෙදර ගිය හැටි (VIDEO)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (04) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ නිල සුඛෝපභෝගී රථය සහ සෙසු භාණ්ඩ යළි භාරදීමෙන් අනතුරුව නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.

තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බවත් උසාවියට ගොස් නැවත වාහනයක් ලබා ගන්නා බවත් ඒ මහතා පැවසුවා.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ සිට ත්‍රීරෝද රථයක නැගී නික්ම ගියා.

ඒ යන අතරවාරයේ දී හෙතෙම මාධ්‍යවේදීන් ඇතුළු සෙසු පිරිසට "සුබ අනාගතයක්" යැයි සුබාශිංසන ද එක් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

"දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. හැබැයි උසාවි ගිහින් වාහනයක් ගන්නවා. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක් ගත හැකියි. හොරකම් කරලා ගන්න ඒවා නෙමෙයිනේ. අපි උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා ගන්නවා. සුබ අනාගතයක්"

Rate this item
(1 Vote)

Related items