ගෑස් කාන්දුවක් හේතුවෙන් හට ගත් ගින්නකින් වත්තල - හුනුපිටිය - ශාන්ති මාවතේ නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.
අද (31) පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර, ඒ වනවිට නිවැසියන් ද එහි රැදී සිටියා.
කෙසේ නමුත් ඔවුන්ට ගින්නෙන් කිසිදු හානියක් සිදු වි නැහැ.
ගිනි නිවන දෙපාර්තමේන්තුවේ රථ 3ක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට පියවර ගත්තත් අදාළ නිවස සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබුණා.
පොලීසිය ප්‍රකාශ කළේ මෙම ගින්නට හේතුව ගෑස් කාන්දුවක්ද නැතිනම් විදුලි කාන්දුවක්ද යන්න සොයා විමර්ශන සිදුකරන බවයි.
මේ අතර ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (31) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
ආරච්චිකටිටුව වෛරන්කට්ටුව, තලාතුඔය මාරස්සන, මැදගම, සියඹලාණ්ඩුව, ගම්පොළ කීරපන සහ ගාල්ල හිනිඳුම යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකින් එම සිද්ධීන් වාර්තා වී ඇතැයි පොලිසිය පැවසුවා.
ආරච්චිකටිටුව වෛරන්කට්ටුවේ කුඩා ප්‍රමාණයේ නිවස ඊයේ (30) රාත්‍රී ගෑස් ලිප පුපුරා ගිනිගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා නොදමන්ට එම නිවස විනාශ වීමට ඉඩ තිබූ බවත් පොලිසිය පවසනවා.
මෙම සියලුම පිපිරීම් සිද්ධීන්වලදී ගෑස් ලිප් පුපුරා යෑම් බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.