May 13, 2024

මහ රෑ ගෑස් පිපිරීමක් - ජිවිත වලටත් හානි (PHOTOS)

December 28, 2021

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය නාගස්තැන්න වත්තේ පවත්වාගෙන යන කුකුල් ගොවිපලක අලුතින් ගෙනා කුකුල් පැටවුන්ගේ ශරිර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා කුකුල් කුඩුවේ සවි කර තිබු ගෑස් වලින් ක්‍රියා කරන හිටරයට සම්බන්ද කර ඇති ගෑස් නලය පුපුරා යාමෙන් ඊයේ (27) රාත්‍රියේ එම ගොවිපල තුල ගින්නක් හටගත් බව නාවලපිටිය පොලිසිය පැවසුවා.

කුකුල් ගොවිපලේ අයිතිකරු විසින් ඊයේ (27) රාත්‍රි 07.00 පමණ කුකුල් කුඩුවට අලුතින් කුකුල් පැටවුන් 400 දෙනෙකු කුකුල් කුඩුවට දමා එම කුකුල් පැටවුන්ගේ ශරිර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා එම කුකුල් කුඩුවේ සවි කර තිබු ගෑස් වලින් ක්‍රියා කරන හීටරයක් ක්‍රියාත්මක කර තිබියදි එම හීටරයට සම්බන්ධ කර තිබු ගෑස් නලය රාත්‍රි 10.00ට පමණ පුපුරා ගින්නක් හටගෙන තිබෙනවා.

විනාඩි 30 පමණ කාලයක් හටගත් ගින්නෙන් කුකුල් ගොවිපලේ අලුතින් දැමු කුකුල් පැටවුන් කිහිප දෙනෙකු මියගොස් තවත් කුකුල් පැටවුන් කිහිප දෙනෙකු බරපතල ලෙස පිලිස්සි ඇති බවයි එම ගොවිපලේ අයිතිකරු කියා සිටියේ.

නාවලපිටිය නගරයේ ලිට්‍රෝ ගෑස් අලවි නියෝජිතවරයෙකුගෙන් ඊයේ (27) දින මිලදි ගත් බවත්, එම ගෑස් සිලින්ඩරයේ රතුපාට ලේබලයෙන් මුද්‍රා තබා තිබු බවයි ගොවිපල බාර අයිතිකරු කියා සිටියේ.

ගෑස් හිටරයට සම්බන්ද කර තිබු නලය පුපුරා ගිනිගන්නා අයුරු එම ගොවිපලේ සවිකර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණා.

(හැටන් - රන්ජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 15:38