May 13, 2024

ඉල්ලුවට දෙන්න ගෑස් නැහැ - ගෑස් අවුල තවත් දුරදිග යයි (PHOTOS)

December 28, 2021

දින ගණනාවකට පසු හැටන් ප්‍රදෙශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයින්ට හට නව සංයුතිය සටහන් කරන ලද ගෑස්‌ සිලින්ඩර් ඉතා සීමිත ප්‍රමාණයක් අද (28) දින බෙදා හැරිම සිදු කර තිබෙනවා.

ගෑස්‌ බෙදා හැරිමත් සමග හැටන් ප්‍රදේශයේ ගෑස්‌ පාරිභෝගිකයන් ගෑස්‌ මිලදි ගැනිමට අද (28)උදෑසන සිටම ගෑස්‌ අලෙවි සැල් නියෝජිත වෙලදසැල් ඉදිරිපිට අලුයම සිටම රැදි සිටින අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

ගෑස්‌ සමාගම විසින් නිකුත් කරනු ලබන සිමිත ගෑස්‌ තොග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බව ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයන් කියා සිටිනවා.

මෙලෙස ජනතාව ගෑස් ලබා ගැනීමට අලෙවිසල් ඉදිරිපිට සිටින පසුබිමක හැටන් කොටගල ක්‍රිස්ටස් ෆාම් වතුයායේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගෑස්‌ උදුනක් ඊයේ (27) පස්වරු 02.00ට පමණ පුපුරාගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

වතුර රත් කිරිම සදහා ගෑස්‌ උදුන ක්‍රියාත්මක කිරිමත් සමග එක් වරම ගෑස්‌ උදුන පිපිරි ගිය බවයි නිවෙස් හිමියා කියා සිටියේ.

පිපිරිමෙන් ගෑස්‌ උදුනට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නැහැ.

ගෑස්‌ සිලින්ඩරය මිට මාසයකට පමණ ප්‍රථම කොටගල ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයෙකුගෙන් මිලදි ගත් බවයි නිවාස හිමියා කියා සිටියේ.

පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වනවා.

මේ අතර මීට ඉහත දී තම සමාගම මගින් වෙළදපොළට නිකුත් කරන ලද නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර් නැවත එකතු කිරීම සහ ඒවායේ ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වන බැවින් නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඉදිරියේ දී එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංග මේ වන විට ද ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව ඉදිරියේදී වෙළදපොළට ගෑස් සැපයුම ලබාදිය හැකි බවත්, පාරිභෝගිකයන්ට සිදුවන තාවකාලික අපහසුතාව පිළිබද කනගාටු වන බවත් ලිට්‍රෝ  ගෑස් ලංකා සමාගම එම නිවේදනයෙන් දැනුම් දෙනවා.

ඊයේ වන විටත් දෛනික අවශ්‍යතාව සඳහා ගෑස් නෞකා දෙකක් පිරවුම් සංකීර්ණයට භාගත කොට ඇති බවයි එම සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ගෑස් සම්බන්ධයෙන් වන සියලු ප්‍රමිතීන් පාලනයේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට අදාළ ගැසට් නිවේදනය ඉතා කඩිනමින් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

(හැටන් - රන්ජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 12:58