May 04, 2024

බන්ධනාගාරයේ සිටින රන්ජන්ට මල් හී සර : පෙම්වතිය වෛද්‍යවරියක්

December 28, 2021

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විශේෂ රහසක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

ඒ රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතියක් සම්බන්ධයෙන්.

බලන්න ගිය ගමන

තමා ඉකුත් 25 රාමනායක මහතා බැලීමට ගිය බව මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ එසේ ගියේ විශේෂ තැනැත්තියක් සමගද බව හෙළිදරව් කරමින්.

"මම රන්ජන් බලන්න ගියේ නිකන් නෙවෙයි. රන්ජන්ගේ පෙම්වතියත් අරගෙනයි ගියේ"

මන්ත්‍රීවරයා තමන් රන්ජන් බලන්න හිරගෙදරට ගිය කතාව කියන්නේ ඔන්න ඔය විදිහට.

මේ දිනවල රාමනායක මහතා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ.

පෙම්වතියගේ විස්තර

රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතිය වෛද්‍යවරියක් බවත් ඇය තලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රාජකාරි කටයුතු කරන බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා රාමනායක මහතා බැලීමට ගිය පිරිස පිරිස ඔහු සමඟ විනාඩි තිහක් පමණ කතාබස් කළ බවත් පෙන්වා දෙනවා.

එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (28) පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

දිසානායක මහතාද රාමනායක මහතා මෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරදට 2004දී සිරගත කළා.

අධිකරණයට අපහාස කිරීමේ වරදට රන්ජන් රාමනායක මහතා වසර 4ක සිර දඬුවමක් විඳිමින් සිටිනවා.

දිගු කලක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි ඔහු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවා තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ පහසුව සඳහායි.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 28 December 2021 19:02