April 27, 2024

"ඔබ එක්ක සම්මානයකට නිර්දේශ වීමම මට ආඩම්බරයක් සහෝදරයා" - හේමාල් රන්ජන්ට සුබ පැතූ හැටි

SLIM PEOPLE  සම්මාන උළෙල පසුගිය දා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා.

මෙහිදී කලා අංශයේ සම්මාන අතර වසරේ ජනතාවගේ නළුවා සම්මානය රංජන් රාමනායකට සහ හේමාල් රණසිංහට හිමි වුණා.

හේමාල් මෙම සම්මාන උළෙලේදී වසරේ ජනතාවගේ නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ පළමු වතාවටයි.

නමුත් රංජන් මීට පෙර වසර කිහිපයක් පිට පිටම ජනතාවගේ නළුවා බවට පත් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට රංජන් සිටින්නේ සිරගතවයි.

ඔහු වෙනුවට සම්මානය ලබාගත්තේ රංජන්ගේ ආදරණීය මස්සිනා වන නිරන්ජන් අසෙරප්පා විසින්.

කෙසේවෙතත් සිය සම්මානය පිළිබඳව රංජන් හිර ගෙදර සිට ලියූ ලියුමක් ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් රංජන්ගේ ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.

එම සටහනට සුබ පතමින් රංජන් සමග සම්මානයට පාත්‍ර වුණු හේමාල් මෙලෙස පවසා තිබුණා.

‘ඔබ එක්ක සම්මානයකට නිර්දේශ වීමම මට ආඩම්බරයක් සහෝදරයා. ඔබේ නම කියවන විට කණ්අඩි පැලෙන්න අත්පුඩි ගහපු තවත් එකෙක් මම’

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 March 2022 09:14