April 28, 2024

රන්ජන් හිස නමා වරද පිළි ගනී

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති දෙවන නඩුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරද පිළිගෙන තිබෙනවා.

ඒ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (25) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

චෝදනාවලට තමන් නිවැරදිකරු බව රන්ජන් රාමනායක මහතා මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා නිවැරදිකරු බවට මීට පෙර දුන් ප්‍රකාශය ඉවත් කරගෙන වැරදිකරු යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා විනිසුරු මඩුල්ල විසින් ඒ පිළිබඳ විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී ඔහු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, අදාළ චෝදනාවලට තමා වැරදිකරු බවයි.

Rate this item
(0 votes)