March 29, 2024

බයිඩන් දැන් බෙල්ජියමේ: රුසියාවට දැනෙන ගිවිසුමකට අත්සන් තබයි

ඇමරිකාව සහ යුරෝපා සංගමය වැදගත් එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එල්.එන්.ජී (LNG) ස්වාභාවික ගෑස් සැපයීම සම්බන්ධයෙන්.

ගෑස් අවශ්‍යතාවය

ඒ හරහා මේ වන විට සම්බාධක පනවා ඇති රුසියාවෙන් යුරෝපා සංගමයේ රටවලට ලැබෙන ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයට සැලකිය යුතු විසඳුමක් ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර ඇති වූ එකඟතාවයට අනුව LNG ස්වාභාවික ගෑස් කිව්බික් මීටර් බිලියන 15 ක අතිරේක සැපයුමක් මේ වර්ෂය අග වන විට කිරිමට ඇමරිකාවේ එකඟ වී තිබෙනවා.

මේ වන විට යුරෝපා සංගමයේ රටවල ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයෙන් 40% ක් අපි යන්නේ රුසියාවයි.

යුරෝපා සංගමයේ අවශ්‍යතාව

2020 දත්ත වලට අනුව යුරෝපා සංගමයේ රටවලට වාර්ෂිකව LNG ස්වභාවික ගෑස් කියුබික් මීටර බිලියන 541ක් අවශ්‍ය වනවා.

ඇමරිකාව හා යුරෝපා සංගමය අතර ඇතිවූ මෙම එකඟතාවය අද (25) ප්‍රකාශයට පත් කළේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්.

ඔහු මේ වන විට තුන් දින සංචාරයක් සඳහා යුරෝපා සංගමයේ මූලස්ථානය පිහිටි බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට පැමිණ සිටිනවා.

සම්බාධක වලට ප්‍රතිචාර

රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කිරීම හේතුකොටගෙන ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා.

ඒ අතරට LNG ස්වභාවික ගෑස් සැපයුමද ඇතුළත්.

සිය රටට පනවා ඇති සම්බාධක වලට විරෝධය දැක්වීම වස් මේ වන විටත් රුසියාව යුරෝපා සංගම් රටවලට LNG ස්වාභාවික ගෑස් සපයන ජල මාර්ග වසා දමා තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 March 2022 17:30