May 03, 2024

රන්ජන් කොහොමත් නිදහස් : සේනාධිපති ගහන්නේ ගේමක්ද? Featured

වසර 4 ක සිර දඬුවමක් විඳින රන්ජන් රාමනායක මහතා නිතරම බැහැදැකීම සඳහා බන්ධනාගාරයට යන ව්‍යාපාරිකයෙකු පිළිබඳ කසුකුසුවක් පසුගිය දිනවල තිබුණා.

ඒ ජනපතිවරයාට වඩාත් සමීප ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා බව මේ වන විට හෙලිදරව්ව තිබෙනවා.

මැදිහත්කරුගේ කාර්ය භාරය

ඔහු බන්ධනාගාරය තුළ රාමනායක මහතාගේ අවශ්‍යතාද සොයා බැලූ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ වන විට සේනාධිපති මහතා රාමනායක මහතාට ජනපති සමාව ලබාදීම සඳහා මැදිහත්වීමක්ද කර තිබෙන බව ප්‍රකට කරුණක්.

රාමනායක මහතාට ජනපති සමාව දෙන ලෙස ඉල්ලා ජනපතිවරයා වෙත යැවීමට කලාකරුවන් රැසක් විසින් අත්සන් තබන ලද ලිපිය ජනපතිවරයාට යොමු කිරීමේ වගකීමද ඔහු භාරගෙන තිබෙනවා.

ප්‍රසිද්ධිය ලබා ගැනීම

ඒ වගකීම ඔහු බාර ගත්තේ මාධ්‍ය හමුවක්ද තබමින් ඊට ප්‍රසිද්ධියක්ද ලබා දෙමින්.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව රාමනායක මහතා නිදහස් කරන ලෙස ජාත්‍යන්තර පාර්ලිමේන්තු කවුන්සිල මෙන්ම මානව හිමිකම් සංවිධානද ආණ්ඩුවට බලපෑම් කර තිබෙනවා.

මේ නිසා ඒ බලපෑම් මත නිදහස් කරන රාමනායක මහතා නිදහස් කිරීමේ ගෞරවය ආණ්ඩුව වෙතම තබා ගැනීමේ උප්පරවැට්ටියක සේනාධිපති මහතා නියැලී සිටින බවටද මත පළ වනවා.

ලබා දුන් ඉඟිය

සේනාධිපති මහතාගේ මැදිහත්වීම මත එක් කරුණක් ඉතා පැහැදිලියි.

ඒ කුමන හෝ ආකාරයකින් රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ඉතා නුදුරේම හිමි වන බවයි.

එය එළඹෙන පෙබරවාරි 4දාට යෙදී තිබෙන නිදහස් දිනයදා සිදුවීමට ඉඩකඩ තිබෙන බවටත් මත පළ වනවා.

අධිකරණයට අපහාස කිරීමේ වරද මත රන්ජන් රාමනායක මහතා මේ වන විට සිටින්නේ වසර 4ක සිර දඬුවමක් විඳිමින්.

Rate this item
(5 votes)
Last modified on Friday, 28 January 2022 16:14