May 17, 2024

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! අයෙක් මරුට - රියදුරු අතුරුදන් (PHOTOS) Featured

හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලී ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර නව දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි හැටන් පොලිසිය අප කළ විමසීමකදී සඳහන් කළේ.

අද උදැසන 6.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ සලංකන්ද හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදියි.

අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරනවා.

බස් රථයේ රියදුරා අතුරුදහන් වි ඇති බවත්, රෝහල්ගත කල අයගේ තත්ත්වය තරමක් බරපතල බවත් හැටන් පොලිසිය කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 January 2022 10:02