April 28, 2024

අන්තිම මොහොතේ රන්ජන්ගේ වැඩේ ගැස්සෙයිද? ලැයිස්තුවේ නම නැති කතාවක්

February 03, 2022

නිදහස් දිනයට සිරකරුවන්ට නිදහස ලබාදීම චිරාත් කාලයක් පුරා පැවත එන්නක්.

එහෙත් මෙවර එසේ නිදහස් වන සිරකරුවන් පිළිබඳව රටේ ජනතාවගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

නිදහස ලබන නම් ලයිස්තුව

ඒ රන්ජන් රාමනායක මහතාවත් එදිනට ජනපති සමාව යටතේ නිදහස් කරනු ඇති බවට යන රාවය නිසා.

මෙවර නිදහස් දිනයට නිදහස් වන සිරකරුවන් 197 දෙනෙකුගේ නම් මේ වන විට සකස් වී අවසන්.

ඒ අනුව ඔවුනට නිදහස් දිනයේ නිදහස ලැබීමට නියමිතයි.

ඒ නම නැහැ

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව නිදහස් දිනයට නිදහස් කෙරෙන සිරකරුවන් අතර රාමනායක මහතාගේ නම නැහැ.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4 ක සිර දඬුවමක් විදින රාමනායක මහතා නිදහස් දිනයට නිදහස් වීම පිළිබඳව බොහෝ දෙනකු තුළ බලාපොරොත්තු ඇති වූයේ ඊට නිශ්සංක සේනාධිපති මහතාගේ මැදිහත්වීම නිසා.

සේනාධිපති මහතා මේ දිනවල ජනපතිවරයාට වඩාත් සමීපතම අතළොස්සෙන් අයෙක්.

කලාකරුවන් පිරිසක් රාමනායක මහතා නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ජනපතිවරයාට බාර දීමේ වගකීම බාර ගත්තේත් ඔහුයි.

විපක්ෂ නායකගේ විශ්වාසය

ඒ ඊට ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා මාධ්‍ය හමුවක්ද පවත්වමින්.

රාමනායක මහතාගේ නම නිදහස් දිනයට නිදහස් වන සිරකරුවන්ගේ ලැයිස්තුවේ නොතිබුණද ඔහුට එදිනට නිදහස ලැබෙනු ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විශ්වාසය පළ කර තිබෙනවා.

මේ වන විට රාමනායක මහතා තමන්ට නියම කළ සිර දඬුවමින් වසරක කාලයක් ගෙවා අවසන්.

Rate this item
(0 votes)