May 12, 2024

නිදහස් සැමරුම ගැන උතුරු ආණ්ඩුකාරගෙන් නිවේදනයක්

February 03, 2022

සැබෑ නිදහස අර්ථවත් වන්නේ රටක් ලෙස ස්වාධීනව නැගීසිටිය හැකි පරිසරයක බවත් එය උදාවන්නේ ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් අපි සවිබල ගැන්වූ විට බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ 74 වන නිදහස් දිනයට පනිවිඩයක් නිකුත් කරමින්.

එම නිදහස් දින පණිවිඩය පහතින්,

වර්ෂ 1815 මාර්තු 2 වන දින ඓතිහාසික මගුල්මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම තුළින් නිදහස් ස්වෛරී රාජ්‍යයක්ව පැවති ශ්‍රී ලංකාව ඉංග්‍රීසීහු ස්වකීය අධිරාජ්‍යයේ යටත්විජිතයක් බවට පත්කර ගත්හ.

පසුව ගිහි පැවිදි ජාතික වීරයෝ ජීවිත පූජාවෙන් නිදහස පතා සටන්බිමට අවතීර්ණය වී එහි ප්‍රතිඵලයක් වශයෙන් 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාදීපයට තුල නිදහස උරුම විය.

සැබෑ නිදහස අර්ථවත් වන්නේ රටක් ලෙස ස්වාධීනව නැගීසිටිය හැකි පරිසරයකය. එය උදාවන්නේ ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් අපි සවිබල ගැන්වූ විටය.

පවතින කොවිඩ් වසංගතය හමුවේ අභියෝගයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකා මාතෘ භුමිය සවිමත්ව ඔසවා තැබීමට අප කැපවිය යුතුය.

එක්ව අභියෝග ජය ගැනීම තුලින් සැබෑ නිදහස අර්ථවත් වන අතර 74 වන නිදහස් සැමරුම අභියෝග ජය ගැනීමට ශක්තියක් හා අභිමානයක් කරගනිමු.

Rate this item
(0 votes)