April 23, 2024

ඇමති සබ්රිගෙන් මතභේදාත්මක යෝජනා රැසක්: වැඩ වර්ජන අපරාධයක් - ව්‍යවස්ථාවෙන්ම තිත තියමු - ජනපති තද මදියි

අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩ වර්ජනයෙන් සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් කිහිපයක් පළ කර තිබෙනවා.

හඳුන්වාදීමට නියමිත නව ව්‍යවස්ථාවෙන් ආර්ථිකය හා මහජන ජන ජීවිතය හා බැඳී රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශ කිහිපයක වැඩ වර්ජන කිරීම තහනම් කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

තහනම් කළ යුතු අංශ

ඒ අනුව වරාය , විදුලි බල මණ්ඩලය , ජල සම්පාදන මණ්ඩලය , තෙල් සංස්ථාව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා බැඳී සෞඛ්‍ය අංශය ආදී අංශ වර්ජනය කිරීම තහනම් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඉහත පෙන්වා දී ඇති අංශ වැඩ වර්ජනය කිරිම ජනතාවගේ ජීවිත වලට කරන අපරාධයක් බව සඳහන් කරන ඔහු වැඩ වර්ජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතු බවයි යෝජනා කරන්නේ.

මේ වන විට රජය ප්‍රකාශ කර තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළඹෙන අප්‍රේල් මසට පෙර හඳුන්වා දෙන බවයි.

ක්ෂණික විහිදුම් බලකාය

ඒ හැරුණු කොට එම අංශ වැඩ වර්ජනය කලත් එම අංශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂණික විහිදුම් බලකායක් සෑදීම දෙවැනි පියවර ලෙස අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරනවා.

එමෙන්ම මේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනපතිවරයා කටයුතු කල යුතු ආකාරය ගැනත් අධිකරණ අමාත්‍යවරයා සිය මතය ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ ජනපතිවරයා ලිහිල් වැඩි බවයි.

ජනපතිවරයාගේ ලිහිල් පිලිවෙත

ඊට වඩා සැරට වැඩ කරන ජනපතිවරයෙක් මේ ජනපතිවරයාගේ බලාපොරොත්තු වූ බව ඔහු සඳහන් කරන්නේ තම පාර්ශවය මීට පෙරත් ඒ බව ප්‍රකාශ කර ඇති බව මතක් කරමින්.

මේ සියලු වැඩ වර්ජන තනිකරම කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන ඒවා බව සඳහන් කරන අමාත්‍යවරයා ලංකා විදුලි බල විදුලි බල මණ්ඩලය පාඩු ලැබීම පිළිබඳව එහි සේවකයින් වගකිවයුතු නැද්ද ප්‍රශ්න කරනවා.

අලි සබ්රි මහතා මෙම මතභේදාත්මක අදහස් පළ කළේ ගුවන්විදුලි නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින්.

Rate this item
(9 votes)
Last modified on Friday, 28 January 2022 10:23

Related items