May 03, 2024

ගෑස් තවමත් ජනතාවට ගෑස් පෙන්වයි

December 24, 2021

දිවයිනේ ප්‍රදේශ රැසකින්ම ගෑස් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් චෝදනා කළා. 

ගෑස් ලැබී තිබුණද ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බවට ගාල්ල දන්ගෙදර ප්‍රදේශයේ ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක පාරිභෝගිකයින් පිරිසක් චෝදනා කළා.

"සැප කනේ. කරපු පව් තමයි මේ ගෙවන්නේ. එළිවෙනකන් මෙතන ඉන්නවා ඉතින් ගෑස් එනකන්."

"සල්ලි දීලත් ගෑස් නැහැ. තව ගෑස් සිලින්ඩර් 40ක් ආවලු. තව ගෑස් 17ලු තියෙන්නේ. පෝලිම තියෙනවා ඊට වඩා වැඩිය."

මාලිගාවත්ත ප්‍රදේශයේ ද ගෑස් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින් අපහසුතාවයට පත් වුයේ ප්‍රමාණවත් තරම් ගෑස් මිලදී ගැනීමට නොහැකි බැවින්.

"තේ බොන්නවත් ගෑස් නැහැ."

"මිනිස්සු බය වුණාට ගෑස් ගන්නවා. ලාම්පුතෙල් කොච්චර කියලා ගන්නද? දර නැහැ කොළඹ ඉන්න කට්ටියට පත්තු කරන්න. ඒ නිසා මොනා වුණත් ගෑස් අරගන්නවා."

"උදේ 7 ඉඳන් පෝලිමේ ඉන්නේ"

"බයයි මොනා කරන්නද? ඔක්කොම කෑම ටික හෙල්මට් එක දාගෙන උයනවා. දවස ගානෙම පෝලිමේ 200ක් විතර ඉන්නවා. දවසට එන්නේ 40ක් 50ක්."

"අවුරුදු දවසේ හරි මිනිස්සුන්ට උයාගෙන කන්න කරන්න ගෑසුත් නැහැ. භුමිතෙලුත් නැහැ."

හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල ඉකුත් 21 දින සිට ගෘහස්ථ ගෑස් හිගයක් පවතින බව පාරිභෝගිකයන් මැසිවිලි නගනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ඉකුත් 21 දින හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ඉතා සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලබා දි ඇති අතර , එම ගෑස් ප්‍රමාණය ඉල්ලුමට සරිලන සැපයුමක් නොවන බව ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටිනවා.

යලිත් ගෑස් තොග ලබාදෙන දිනයක් සමාගම විසින් දැනුම් දි නොමැති බවද හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටිනවා.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක ජනතාව ගෑස් හිඟයෙන් පිඩාවට පත් වුණා.

"හෝටලයක් මම කරන්නේ. ගෑස් ඉල්ලුවම දෙන්න බැහැ කියනවා." 

දිවයිනේ ස්ථාන කිහිපයකින් අදත් ගෑස්‌ උදුන් පිපිරීමේ සිද්ධි අදත් වාර්තා වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 16:54