May 13, 2024

ශ්‍රීපාදය ආසන්නයේ ගෑස් පිපිරීමක් (PHOTOS)

December 23, 2021

ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගෑස් උදුනක් පිපිරි යාමෙන් එම ආපනශාලාවේ සේවය කරමින් සිටි තරුණයෙකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත අද (23) දින ඇතුලත් කල බව නල්ලත්නිය පොලිසිය පැවසුවා.

අද (23) දින දහවල් 1.00 ට පමණ පිලිස්සුම් තුවාල ලැබූ වෙළඳ සේවකයා ආහාර පිසිමින් සිටියදි එකවරම ගෑස් උදුන පිපිරි ගිනි දැල් ඉහලට දැල්වුනු බවත්, පසුව එම වෙලදසැලේ සේවකයින් විසින් ගිනිදැල් නිවා දමා පිලිස්සුම් තුවාල ලැබු තරුණයා නල්ලතන්නියේ පොලිසියේ නිලධාරින්, යුධ හමුදා භට පිරිස් , ශ්‍රි පාද මාර්ගයේ භාරකරුවන් එක්ව තුවාලකරු ඇහැලකණුව ප්‍රදේශයේ සිට නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් රෝහල් ගත කර තිබෙනවා.

තුවාලකරු රත්නපුර කුරුවිට බටතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ශ්‍රි පාද උඩ මළුව පොලිස් නිලධාරින් පැවසුවා.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ඇහැලකණුවේ පිහිටි ආපනශාලාවට නල්ලතන්නියේ ගෑස් අලෙවි වෙලදසැලක සිට ගෑස් සිලින්ඩර් කිහිපයක් රැගෙන ගොස් ගබඩා කර තිබෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)