May 01, 2024

උඩවලව මුළු ගමක්ම පාරට බසී (PHOTOS)

December 23, 2021

වැලිගෙපොල හදගිරිය ප්‍රදේශයේ දි වන අලි ප්‍රහාරයකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මරුමුවට පත්වීමෙන් පසු වන අලියා එම ප්‍රදේශයේ සැරිසරන බවත් එම අලියා ඉවත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගෙන ගම්වාසින් විරෝධතාවයක නිරත වුණා.                                                   

ඊයේ (22) උඩවලව අභය භුමියේ වන අලියෙකු ගම්මානයට පැමිණ පහර දිමෙන් එම්.එල්.පියදාස නම් දෙදරු පියෙකු මරුමුවට පත් වූ වුණා.                                                                        

විරෝධතාවය හේතුවෙන් කපුගල කල්තොට මාර්ගය සහ හදගිරිය අභයභුමි පිවිසුම් මඟ ද අවහිර වි තිබුණා.

ගම්මානයට පැමිණි වන අලියා පලවා හැරිමට තවමත් වනජිවි නිලධාරින් කටයුතු නොකිරිම සහ වන අලි උවදුරට තිරසාර විසදුමක් ලබා ගැනිම මෙහි අරමුණ බව උද්ඝෝෂකයන් පැවසුවා.

උඩවලව වනෝද්‍යානයේ වන අලි ගම්වැදීම නිසා දිගු කලෙක සිටම තමන් පිඩාවට පත් වී සිටින බව ගම්වාසින් පවසනවා.  

තුන්සියකට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට එක් වි සිටියා.

(කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා)                                                                                                                

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 16:16