May 05, 2024

ලිට්‍රෝ සභාපති මාධ්‍ය මඟ හැර යයි Featured

December 17, 2021

ගෑස් කාන්දු වීම හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කල පෙත්සමට අදාලව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කර තිබුණේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්‍න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්රෝ සහා ලාෆ් ගෑස්‌ සමාගම් වෙත නියෝග නිකුත් කරනු ලැබුවේ.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග අද නියෝග කළා.

ඒ අනුව දැනට වෙළෙඳපොලේ මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබුවා.

දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙසට අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර සිටියා.

අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය ජනවාරි මස 26 වනදා කැදවන ලෙසත් නියෝග කළා.

මේ අතර ගෑස් අර්බුධය හමුවේ මාධ්‍ය මඟ හැරමින් සිටි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙශාර ජයසිංහ හා ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති කේ.එච්.වෑගපිටිය, කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට  අද කැඳවා තිබුණා.

ඒ ගෑස් සිලින්ඩර් වල ගුණාත්මකභාවය ගැන කළ පැමිණිලි දෙකකට අදාලව සාක්ෂි විභාගය සඳහායි.

කෙසේනමුත් මාධ්‍ය මඟ හරමින් සිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අදත් මාධ්‍යවේදීන් මෙලෙස මඟ හැරියා.

නමුත් දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් වගේම විපක්ෂයෙන් දැඩිව චෝදනා එල්ල කරනු ලබන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාටයි.

රජයේ ප්‍රභල අමාත්‍යවරයෙක් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් සඳහන් කළේ ගෑස් ප්‍රශ්නයට ගෑස් සමාගම් සභාපතිවරුන් සමාගම් නිලධාරීන් ජනතාවට වහාම පිලිතුරු දිය යුතු බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මිට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් සඳහන් කළා.

එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීට ඉඩ නොදුන් බව කී තෙෂාර ජයසිංහ මහතා එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළහොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාශය බව ද සඳහන් කළා.

එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්‍ය ආයනයක් ලෙස ලිට්‍රෝ සමාගමට වැඩ කිරීමට නොදෙන බවත් සභාපතිවරයා සඳහන් කළා.

තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් බලා සිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සභාපතිවරයා නිල ප්‍රකාශයක් සිදු නොකර සිටීමද විශේෂත්වයක්. 

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අපද අවස්ථා කිහියකදිම සභපතිවරයාගේ දුරකතන අංකයට ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් දක්වා සිටියේ නැහැ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 15:35