May 18, 2024

ඇමැති ජී.එල්. පිරීස් කොළඹ වරාය නගරයේ හදිසි නිරීක්ෂණයක (PHOTOS)

December 17, 2021

වැඩ බලන මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරි්ස් මහතා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී කොළඹ වරාය නගරයේ වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සිදු කර තිබෙන අතර එම කටයුතු කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබෙනවා.

අමාත්‍යවරයා ඒ පිළිබඳව කරුණු ගණනාවක් සාකච්ඡා කර ඇති අතර අමාත්‍යවරයාගේ සංචාරය පැය එක හමාරක් පමණ පැවති බව වාර්තා වනවා.

එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 15:39