May 05, 2024

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

December 17, 2021

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කර තිබෙනවා.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දැනට වෙළෙඳපොලේ මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබුවා.

දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙසට අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 11:59