May 02, 2024

මහජන මන්ත්‍රණ සම්මන්ත්‍රණයෙන් ගම්මන්පිල කට්ටි පැන්නේ ඇයි ?

December 17, 2021

මහජන මන්ත්‍රනය දෙවැනි සම්මන්ත්‍රණය සදහා උදය ගම්මන්පිල අමාත්‍යවරයා සහභාගි නොවීම පිළිබඳව විවිධ කතා පැතිරෙමින් යනවා.

ඉකුත් 15 වැනිදා පැවති එම සම්මන්ත්‍රණයට ගම්මන්පිල අමාත්‍යවරයා නොපැමිණීමට හේතුව හෙළිදරව් වී තිබෙනවා.

තෙල් අර්බුදය

ඒ ඔහු ඛනිජ තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් වැඩ කටයුතු වල හිර වී සිටීම නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ වන විට ඩොලර් හිඟය මත ඛනිජ තෙල් ගෙන්වන්නේ දින හතෙන් හතට වන වැඩ පිළිවෙලකට අනුව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා එම කටයුතුවල සිරව සිටීම නිසා ඔහුට එම සම්මන්ත්‍රණයට සහභාගි වීමට නොහැකි වී තිබෙන අතර ඔහු වෙනුවෙන් එම සම්මන්ත්‍රණය අමතා කතා කරන ලෙස ගෙවිඳු කුමාරතුංග මහතාට සංවිධායකයින් ආරාධනා කර ඇති බවත් දැනගන්නට තිබෙනවා.

පක්ෂ 11 වැඩ පිළිවෙළ

මහජන මන්ත්‍රණ සම්මන්ත්‍රණ මාලාව ආණ්ඩුවේ සන්ධානගත ක්ෂ 11 කණ්ඩායම විසින් සංවිධානය කරන ලද්දක්.

යුගදනව් බලාගාරයේ මුදල් අමාත්‍යංශය සතු 50% ක කොටස ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ වූ අතර ඊට මේ වන විට ආන්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම යන කරුණුද ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 13:35