May 02, 2024

වෙළඳ ඇමතිගේ කතාව පුස්සක් - ජනතාවගේ බලාපොරොත්තු සුන්

December 14, 2021

සතොස හරහා භාණ්ඩ 50ක් අවම මිල ගණන් යටතේ අලෙවි කරන බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ ද අවම මිල ගණන් යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහි නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් සතොස හරහා භාණ්ඩ වර්ග 50ක් අඩු මිලට ලබාදීම අද සිට ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත්, සතොස අලෙවිසැල් වෙත පැමිණි ජනතාව ප්‍රකාශ කර සිටියේ අවම මිල ගණන් යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම අලෙවිසැල් තුළ නොමැති බවයි.

මේ අතර, ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් එළවළුවල මිල ගණන් දිනෙන් දින සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

ඉදිරියේදී මෙම තත්වය තවදුරටත් උග්‍රවනු ඇති බවයි ආර්ථික මධ්‍යස්ථානවල නියෝජිතයින් සඳහන් කළේ.

දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් ඊයේ (13) දින සිට සහල් අඩු මිලට ලබාදෙන බවත්, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ඉතා අඩු මිලට ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද හැටන් සතොස ශාඛාවේ සහල් සහ සිනි අලෙවි කිරිමට නොමැති බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටිනවා.

සහල් කිලෝ 500 ක් පමණක් දින දෙකකට වතාවක් ලබා දෙන බවත්, එම ප්‍රමාණය ඉල්ලුමට සරිලන සැපයුමක් නොවන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටින්නේ.

සතොස ශාඛාව සතුව සිනි සහ තවත් මිල අඩු කල අත්‍යවශ්‍ය භාණ්ඩ රසකම තොග නොමැති බවද එම ශාඛාවේ නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

Rate this item
(0 votes)