May 17, 2024

එළවළු සුඛෝපභෝගී භාණ්ඩයක් වෙයි! ජනතාව කාලා හමාරයි

December 15, 2021

මේවන විට වෙළෙඳපොලේ පවතින එළවළු මිල නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බවයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවන්නේ.

මිල ඉහළ ගිය හේතුව

මහනුවර මැණික්කුඹුර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහා ලැබෙන එළවළු තොග සීග්‍ර පහත වැටීමක් සිදුව ඇති බව එම වෙළඳ සංගමයෙ සභාපති ඩී.එම්.සිල්වා මහතා පෙන්වා දෙනවා. 

මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් එළවළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවය.

මේ වන විට උඩරට ප්‍රදේශයෙන් ලැබෙන එළවළු තොග අවම මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් එළවළු මිල නොසිතූ ආකාරයෙන් ඉහළ ගොස් ඇති බවත් උඩරට එළවළු බහුතරයක තොග මිළ රුපියල් පන්සීයකට ආසන්න බවද හෙතෙම පැවසුවා. 

කඩ වැසී යයි

සාමාන්‍යයෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 12-15 අතර ප්‍රමාණයක් ලැබුණ ද මේ වන විට එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 50.000 කටත් වඩා අඩු මට්ටමක පවතින බවද සභාපතිවරයා සඳහන් කරනවා.

මේ වන විට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම එළවළු නොමැතිකමින් වැසී ගොස් ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවත් ඉදිරි මාස කිහිපය තුළ එළවළු සොයා ගැනීමටවත් නොහැකි සුඛෝපභෝගී භාණ්ඩයක් වනු නියත බවත් ඔහු සඳහන් කළා. 

පොහොර තහනමත් බලපාලා     

මීට පෙර කිසි කලෙක නො විරූ ආකාරයෙන් උඩරට එළවළු මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව එළවළු කෑමට බියක් දක්වන බවත් මඤ්ඤොක්කා, වට්ටක්කා, අඹ වැනි දෑ පමණක් ජනතාවට සාමාන්‍ය මිලකට මිලදීගත හැකි බවත් හෙතෙම කියා සිටියා.

රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට එක එල්ලේම බලපෑ බව ගොවි ජනතාව සඳහන් කරන බව මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ සඳහන් කළා.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට කදපොල සිතාඑලිය අඹේවෙල ප්‍රදේශවලින් එන එලවළු 60% පමණ අඩු වීමක්.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එලවළු 20% පමණ ලැබිලා තියෙන්නේ. දඹුල්ලට 15% පමණ, මැනිං මාකට් එකට 25% පමණ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 00:45